නුඹ සිඹින මල
ඔබ කීව ඒ මල
ඔන්න මම නෙලා දුන්නා…..
දැන් ඒක නුඹෙ
ඇගිලි තුඩු අතර ඇත…..
සිප ගන්ට එපා කී
නුඹම එය සිඹිනවා
තහනම මට පමණි….
නුඹ සුවද උරනවා…
මම කිව්වා මේ මල
කෙදිනක හෝ පරවෙනවා
එවිට නුඹෙ ඔය සිතට
දරන්නට බැරි වෙනවා
කෝ නුඹට ගනනක්
නුඹ මලම සිඹිනවා
කාලය යන බවක්
නුඹට අමතක වෙනවා
මල නෙවෙයි අපි උනත්
දිනෙක පරවී යනවා
පරවෙන්ට යලි නොපිපි
නිවෙන මග තියෙනවා
ඔන්න මම නුඹෙ සිතට
ඒ මගම කියනවා
ඒත් නුඹ තවමත්
අර මලම සිඹිනවා
